විශ්ව විද්‍යාලෙන් පිටවෙලා ගෙදර ඉන්න කාලෙ කළේ යාළුවන්ගෙ ගෙවල්වල පොඩි පොඩි වයරිං වැඩ කරන එකයි.සල්ලි වලට නෙවෙයි. තැංක්‍යු වෙරිමච් එකට. එයාලා බඩු ගෙනත් දුන්නා. මං සැලසුම් කරලා අඩුම වියදමෙන් එයාලට ඕනෙ විධියට පොයින්ට් යොදා සකස් කර දුන්නා. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ආයතනය ඒ කියන්නෙ Airport & Aviation Services Ltd. නමින් අළුතින්ම පිහිටවපු රාජ්‍ය සමාගමේ Electronic Technician තනතුරු සදහා අයැදුම්පත් කැදවා තිබුණේ විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ලැයිස්තුවකිනුයි. අපට තිබුණේ ආයතනයෙන් එවා තිබුණු අයැදුම්පත්‍රය පුරවාගෙන සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්න විතරයි. මාත් එක්කම සලීම් ආරි සුගතෙ විතාන සහ සිල්වා එහෙමත් ඒකට එකතු වුණා. සිල්වා ලණු සිල්වා. ලණු දෙන්න හරි දක්ෂයෙක්. පසුව විදුලි බල මණ්ඩලයට එකතු වුණා. එතැන හිටපු ආනන්ද සොහෙයුරා මුල් යුගයේ NDT සමත් වුණු කෙනෙක් හැටියට අපිට දීපු හයිය මහ වි ශාලයි. ඒ වගේමයි Communication ප්‍රධාන ඉංජිනේරු භාරත ලක්ෂ්මන් රාමණායක මහත්තයා. එයා හැබෑම මහත්තයෙක්. අපි හැමෝම වැඩකළේ හැබෑම සතුටකින්. අපි පුරා මාසයක් රෑ දවල් නැතිව රාජකාරි කළේ හරිම ආසාවෙන්. ඒ මාසෙ එක විනාඩියක්වත් සන්නිවේදන බිදවැටීමක් නැතිව සන්නිවේදන පද්ධතිය පැවැත්වීම වෙනුවෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ආයතනය ICAO හෙවත් International Civil Aviation Organization රාමණායක මහතාට එවා තිබුණු ප්‍රශංසා ලිපියට පහළින් පසුව ලියූ සටහනක් යොදා එතුමා කර තිබුණේ අපිට රැදීසිටීමට දී තිබුණු කාමරයේ දොරේ අලවා තැබීමයි. ඒකෙ තිබුණේ මෙහෙම සටහනක්. — This appreciation is for the efforts you put to maintain the system without failing and it belongs to you all for the job well done˜එවැනි මහත්මයකු යටතේ සේවය කරන්නට ලැබීමත් හැබෑවටම සතුටට කරුණක්.ඒ වැඩේට කණකොකා හැඩුවේ කාර්මික අධ්‍යාපණයක් ලබා දෙනවායැයි කියමින් කරන්නට හැදූ දේ නිසායි. ඒ විතරක් නම් මදැයි. අපිව අවුරුදු දහයකට බැදීමකට ලක්කරන්න හැදුවෙ Digital Electronics, Amplitude Modulation, Frequency Modulation, Switch mode power supplies කියන දේවල් ඇතුළත් පාඨමාලාවක් කරනවා කියලයි. විශ්ව විද්‍යාලයේදි ඒ හැම දෙයක්ම ඉගෙනගෙන තිබුණු අපට තවත් මොනවටද ඒ පාඨමාලා. අපි පාඨමාලාව නවත්වන්න කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය මහ අරුමයි. ‘මේ සීනියස්ල ඔයාලව බලාගත්තෙ නැතිනං මෙලාකට ඔයාලා කරන්ට් වැදිලා මැරිලා’ එහෙම කීවෙ ඒකාලෙ කපටි කිට් කියල හදුන්නපු ඇදුමක් ඇදල හිටපු කෙනෙක්. විශ්වවිද්‍යාලෙදි ඉගෙනගත්ත පාඩම්වලට ගැරහීමක් කෙරුණු ඒ කථාවට හොදටම කේන්ති ගිය නිසායි මං එතුමාගෙ මෑණියන් සිහිකරලම මහ පදයක් කියල දොස්නැගුවෙ. බණිනකොට දැනගෙන හිටියෙ නෑ පස්සෙ තමා දැනගත්තෙ මං බැනල තිබුණේ ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ජෙනරාල් සේපාල ආටිගල මහත්තයාට බව. එතුමා කියා තිබුණේ හැම දෙනාගෙම වැටුප් බේරා ආයතනයේ සේවයෙන් මුදාහරින්න කියලයි. කොහොමහරි අපි හැමදෙනාටම කොළඹ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ රැකියා ලැබුණා. ආරි පමණක් කටුනායක ගුවන් තොටුපොල ඉලෙක්ට්‍රොණික් වැඩහලට මාරුවක් හදාගත්තේ මීගමුවේ පදිංචිව සිටි නිසායි.
සුගතෙ
මැද පෙරදිග රැකියාවකට යොමුවුණා. ඒ E10 Repairs අංශයේ සේවය කරන අතරතුරේදියි. ඊ-ටෙන් E10 නමේ 10
ඉලක්කම තියෙන්නෙ දහය කියන්න නෙවෙයි. ඒකෙන් කියැවෙන්නේ එක බිංදුව කියන ඉලක්කම්
දෙකයි.
ඒ
කියන්නෙ E10 කියන්නෙ Digital Electronics කියන එකටයි.
සන්නිවේදනයේ අතීතයේ ඉදන්ම අපි ඉන්නෙ හුගක් ඉදිරියෙන්. අපේ ජාතික ගුවන් විදුලි සේවය
පටන් ගන්නකොට ආසියාවෙ වෙන එකම රටකවත් ජාතික ගුවන්විදුලි සේවයක් තිබිල නැහැ. වෙන එකක්
තියා Voice of America සේවය පටන්ගත්තෙත් අපිට පස්සෙයි.
ඩිජිටල් සන්නිවේදනයේත් අපි ඉදිරියෙන්. ඇමරිකාව එක වාහක පද්ධතියක එකවර පණිවිඩ 22ක්
යවද්දි අපි එක වාහක පද්ධතියක එකවර පණිවිඩ 30ක් යවනවා. ප්‍රංශයේ Alcatel ආයතනයෙන් තෑග්ගක් හැටියට ලැබුණු එම පද්ධතිය ඇත්තටම එයාලගෙ පරීක්ෂණයක්
හැටියට හදපු එකක්. එයාලා ඒක අපිට තෑගි දීලා තියෙන්නෙ අපි ලවා පරීක්ෂා කරවාගන්න.
මොරටුව සරසවියෙ ඉංජිනේරුවො අටදෙනෙක් ස්වේච්චාවෙන් කරපු දෙයක් ඒක මුල්වරට කොළඹ සිට
රාගම දක්වා ක්‍රියාත්මක කිරීම. මේ තොරතුරු දැනගත්තේ ඒ කණ්ඩායමේ නායකයා අපට ඒ
පද්ධතිය හදුන්වාදෙන්න කරපු වැඩසටහනකදී. පැරසිටමෝල් කියන බෙහෙත නෙවෙයි විදුලි සංදේශ
ක්ෂේත්‍රයේ PCM නමින් හදුන්වන Pulse Code
Modulation කියන Digital තාක්ෂණය අපට
ලැබුණේ එහෙමයි.
අපේ
අය කොහොමටත් සන්නිවේදනයට දක්ෂයිනෙ. ලග තියාගෙන ඇසුරු කරන්න අකමැති කෙනාගෙ බත්පතට තුන්තැනක
පලා මැල්ලුම් බෙදා දීපු පණිවිඩේ නිවැරදිව ගන්නත් පුළුවන් වුණු අයනෙ. ‘පුරහදයි
නවවකයි’ කියල යවපු invoice එක නිවැරදිව තෝරාගෙන ‘අඩසදයි සතවකයි’ කියලා good
received note එවන්නත් අපේ අයට පුළුවන් වෙලා තිබුණානෙ.
විදුලි
සංදේශ දෙපාර්තමේන්තුවේ මං අනුයුක්ත කර තිබුණේ බාහිර පිරියත සැලසුම් කියා හදුන්වපු
අංශයට. External
Plants Planning කියලයි ඒක ඉංගිලිෂියෙන් හැදින්නුවෙ. විදුලි
සංදේශ මධ්‍යස්ථානයෙන් පිටත තියෙන සියළු දේ සැළසුම් කිරීම පැවුණේ ඒ අංශයටයි.
වෙනෙකක් තබා යම් ග්‍රාහකයෙක් සේවා පහක් හෝ ඊට වැඩි ගණනක් ඉල්ලුම් කළොත් ඒ සේවා
ලබාදීමට සැළසුම් කිරීමත් භාර ඒ් අංශයටයි. එතැන හිටපු නන්දසේන, සුනිල් සහ ජානක අපොස
සාපෙළ ගණිතය හා සිංහල සම්මාන නැති නිසා කම්කරු තනතුරු වල හිටියත් බුද්ධිමත්
පිරිසක්. ඒ අතරින් සුනිල් ඕනෙම විධියකට තියෙන රූබික් කැටය විනාඩි පහක් ඇතුළත
නිවැරදිව සකස් කරන්න පුළුවන් දක්ෂයෙක්. ආනන්දකුමාර්, වලිසුන්දර, අජිත් සහ මම තීරණය
කළේ ඒ තුන්දෙනාව පුහුණු කරවන්නයි. ඒ
අතරින් නවසිවායම් මාටින්ස් ආනන්දකුමාර් ත්‍රීකුණාමලේ දෙමළ ක්‍රිස්තු භක්තිකයෙක්.
දෙවියන් වහන්සේ වැඩසිටියේ ඔහුගේ හිස මුදුනේමයි. එයා NDT කාරයෙක්.
ෆින්ලන්තයේදී
පුහුණුව ලැබූ කෙනෙක්. ගාමිණී අනුර වලිසුන්දර තවත් NDT කාරයෙක්. මහනුවර සිට නුවරඑළිය දක්වා විදුලි
සංදේශ කේබල් ස්ථාපනය කළ කෙනා. දක්ෂ කැමරා ශිල්පියෙක්. විජිත ජයසුන්දර හිතවතා සමග එක්වී
ඔහුගේ රූපවාහිණී ඩිප්ලෝමාවට සකස්කළ ටෙලි චිත්‍රපටියේදී එක් කැමරාකරුවෙක් වුණේත්
නිශ්චල කැමරා ශිල්පියා වුණේත් ඔහුයි. අජිත් ගුණතිලක ආනන්දයෙන් බිහිවුණු ක්‍රිකට්
ක්‍රීඩකයෙක්. City & Guilds ආයතනයේ Full
Technician කෙනෙක්.
හැමදෙනාගෙම තීරණයෙන් පුහුණුකිරීම්
වැඩසටහන භාරවුණේ මට. අපි හැමෝම ඒ අයව පුහුණු කළා.අද ඒ අය තනිවම
ක්ෂේත්‍රයට ගිහිං මිනුම් අරගෙන එන්න තරම් දක්ෂයි. සුනිල් සහ නන්දසේන කොතරම් දුර
ගියාද කියනවානම් යම් ප්‍රදේශයකට විදුලි සංදේශ පහසුකම් ලබාදීම සදහා අවශ්‍ය යොත්
සරණි සැළැස්ම conduit layout plan විතරක් නෙවෙයි රැහැන් යුගල
බෙදීමේ සැළැස්ම cable pair distribution plan අදින්නත්
පුළුවන්කම හදාගත්තා.
අපට
මේ පුහුණුකිරීම් ගැම්ම ආවෙ අපේ අංශයේ ප්‍රධාන ඉංජිනේරු වරයා වුණු බාලසුන්දරම්
මහත්තයා නිසා බවයි හැගෙන්නේ. එයා ජපානයේදී විශේෂ පුහුණුවක් ලත් කෙනෙක්. එයා Least Square
Parabola සිද්ධාන්තය උපයෝගී කරගෙන ප්‍රදේශයක විදුලි සංදේශ අවශ්‍යතා
නිර්ණයනය සදහා ගණිතමය ආකෘතියක් හැදීමට පවා අපිව යොමු කළා. ඉහළ හිටපු අනෙක් අයට
ඒ්වා නොතේරෙන නිසා නතර වුණු ඒ වැඩේ NTT ආයතනයෙන් ආ උපදේශක
කමිට්සුමා මහතා කීවාම ඉහළින් පිළිඅරගෙන කළාළු. එතකොට මං විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන්
කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මාරු වෙලා.
අපව බදවා ගත්තේ කාර්මික අධ්‍යාපන සේවයේ විශේෂ කාණ්ඩයේ ඉලෙක්ට්‍රොණික් උපදේශක තනතුරටයි. මගේ මුල්ම පත්වීම නුවරඑළිය කාර්මික විද්‍යාලයට. මං දත කට මැදගෙන ලෑස්තිවෙලා ගියේ දෙන්නං ඉලෙක්ට්‍රොණික් ඇට්ටි හැලෙන්න කියල හිතාගෙන. ගියාමනෙ වැඩේ දැනගත්තෙ. මාව නුවරඑළියෙ කාර්මික විද්‍යාලයට අනුයුක්ත කර තිබුණේ වැරදීමකින්. තව අවුරුදු දහයකින්වත් නුවරඑළිය කාර්මික විද්‍යාලයට ඉලෙක්ට්‍රොණික් පාඨමාලාව ලැබෙන්නෙ නැතිළු. කොහොම වුණත් විදුහල්පති නාදන් මහත්තයා මාව ඉහළින්ම පිළිඅරගෙන මට විදුලි පාඨමාලාවෙ අන්තර්ගතවුණු ඉලෙක්ට්‍රොණික් කොටස උගන්වන්න භාර දුන්නෙ නියෝජ්‍ය විදුහල්පති ජයතිලක මහත්තයාගේ අධීක්ෂණය යටතේයි.
නුවරඑළිය කාර්මික විද්‍යාලයේ නව ගොඩනැගිල්ල හැදුණේ ඒ කාලෙ. මුදල් ගෙවීම පිළිබදව ඇතිවුණු ආරවුලක් මත ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු වැඩ නැවැත්වූයේ විදුලි ස්ථාපන Electrical Installation නොකරයි. එවකට විදුහල්පති තනතුරේ සිටි රංජිත් ජයවීර මහත්තයා මටත් ජයතිලක සර්ටත් විදුලි අංශයේ ශිල්ප ප්‍රදර්ශක Trade Demonstrator වුණු අබේරත්නටත් කථාකර ඇසුවේ විදුලි ස්ථාපන කොන්ත්‍රාත්තුව භාරගෙන කරදිය හැකිද කියායි. ජයතිලක සර්ගෙත් අබේරත්නගෙත් පෙරැත්තය මත ඒ කටයුත්ත කරදුන්නේ ළමයින්ගේ ශ්‍රම දායකත්වයෙන් අපි තුන්දෙනාගේ අධීක්ෂණ මගපෙන්වීම යටතේයි. ඒ වැඩේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ යන්ත්‍ත්‍රාගාර ප්‍රමිතිය International Labour Organization Standards අනුව සකස් කරන්න උපදෙස් ලැබුණෙ ජයතිලක සර්ගෙන්. කොහොමහරි අපි තුන්දෙනා එකතු වෙලා පංතියේ ළමයින්ව යොදාගෙන එයාලා පුහුණු කරමින්ම ඒ් වැඩේ කළ එකෙන් ආයතනයට ලොකු ලාභයක් ලැබුණා. රුපියල් ලක්ෂයක් විතර. මුල් සැලසුමේ නොතිබුණු දේවලට තරමක වියදමක් ගියා තමා. ඇයි වැඩ කරන ප්‍රදේශය Working Area සහ ඇවිදින ප්‍රදේශය Walking Area වෙන්කර දැක්වීමට තීන්ත ගාන්නත් තිබුණා නෙ. ළමයින්ට සුළු දීමනාවක් අරගෙන දෙන්නත් ජයවීර මහත්තයා කටයුතු කරලා තිබුණා. ඒ් නිසා කොල්ලන්ටත් සතුටුයි. ඔවුන් කේක් කෑල්ලක් එක්ක තේ එකක් සහිත විශේෂ සංග්‍රහයකුත් දුන්නා. සංග්‍රහය සුළු වුනත් ඒකෙන් ලබාපු සතුට අපමණයි. අවුරුදු තිහකටත් වැඩි ගුරුසේවයේදී මං ලබාපු මුල්ම සේවා අගැයීම. අපි කියාදීපු දේවල් යොදාගෙන කළ මුල්ම කටයුත්තෙන් කළ ඉපයීමෙන් ගෝලයින්ගෙන් ලැබෙන සංග්‍රහය හැබෑම ගුරු පූජාවක්. එදා ස්තුති කථාව කළේ ගංගා. වතු කම්කරු පවුලකින් ආපු හැබෑම හිත හොඳ කොල්ලෙක්. විශ්ව විද්‍යාලෙ ඈතින් බිත්ති විතරක් දැකපු අපිට විශ්ව විද්‍යාලෙ ඇතුළෙ කෙරෙන දේවල් කියාදීලා විශ්ව විද්‍යාලෙ කියන්නෙ දාහක් ප්‍රශ්න මැද්දෙ අමාුවෙන් සාමාන්‍යපෙළ විතරක් පාස් කරගත්ත අපිට හීනයක් විතරක් වෙලා තියෙද්දි දීපු ඒ් පන්නරේට සර්ට අපි කොහොම ස්තුති කරන්න ඕනෙද කියල මට හිතාගන්න බෑ. ඒ් කථාව ඇහෙද්දි හිතට ඇතිවුණු හැඟීීම කියන්නෙ කොහොමද කියල මටත් හිතාගන්න බෑ.
හොඳ මිනිස්සුන්ව දෙවියො ඉක්මනටම තමා ලඟට ගන්නවාලුනෙ. දෙවන අවුරුද්දෙ මුල මාසෙම ගංගා හදිසියේ අපි අතරින් වියෝවුනේ කාර්මික විදයාලයට උදේ එනගමන් හරියටම ගේට්ටුව ඉස්සරහම හෘදයාාධයක් සෑදී ඇදවැටීමෙන්. එදා උදේ මං හිටියේ සැළසුම් ශිල්පී පාඨමාලාවේ ගණිතය පාඩම උගන්වමින්. සිම්සන් නීතියේ මූලධර්මය සූත්‍රයක් ලෙස ව්‍යුත්පන්න කර කලු ලෑල්ලෙන් අනික්පැත්ත හැරෙනකොට මගේ පංතියේ පංතිනායක රත්නායක පංතියේ දොරකඩ.
" සර් ගංගා ගේට්ටුව ලඟ පපුව අල්ලගෙන වැටුනා සර්. "
" කෝ දැන් මනුස්සයා?" මං ඇහුවේ මීට කලින් වතාවකත් සැලසුම් ශිල්පී පාඨමාලාවේ ගෑණු ළමයකුට අනවශ්‍ය විහිළු කළ නගරයේ රස්තියාදු කාරයකුට පහරදීමට යොමුවීමක් අබේගේ මැදිහත් වීමෙන් සමතයකට පත්කිරීමක් ගැන තොරතුරක් මට ලැබී තිබුණු නිසායි.
"අපි එයාව ඉස්පිරිතාලෙට අරංගියා සර්. අනේ සර් ගංගා මගේ අතේම වගේ නැතිවුණා සර්"මට ඒ වෙලාවෙ ඇත්තටම දැනිලාම ඇස් තෙත්වුණේ මං උගන්නමින් හිටපු පංතියේ කෙල්ලො රෑනක්ම මහ හඬිිින් විලාප තියා හඬන්න පටන් ගත්ත නිසා. එතන එක කෙල්ලක් හඬමින්ම කීවෙ පපුවටම වැදෙන කථාවක්. "සර් එදා ගංගා අයියා හිටියෙ නැත්නං මං විනාශ වෙන්න තිබුණා. එයාව මං මගේම අයියා කෙනෙක් කරගත්තෙ එදා. අයියෝ මට මගේ ආරක්ෂාවට හිටපු මගේම අයියා මට නැතිවුණා" එදා මුළු කාර්මික විද්‍යාලෙම තනිකරම එකම මළ ගෙයක්. එදා අබේ කියපු කථාව මගේ හිතේ ඇතුළටම වැදුණා. " ජිනේ ඒකගෙ පිට හම කළු වුණාට ඒ ඇතුළෙ ඉන්නෙ හරිම ඇතුළ සුදු කොල්ලෙක් දඹරත්තරං පපුවක් එක්ක"
අපි කාර්මික විද්‍යාලෙ ඇතුළෙම හත් දවසේ බණක් කියවලා හාමුදුරුවරු පස් නමක් වඩමවලා සාංඝික දානෙකුත් දුන්නෙ කාර්මික විද්‍යාලෙ නිල නිවාස පරිශ්‍රය තුළ අපි වවාගෛන තිබුණු අල බීට්රූට් කැරට් රාබු වගේ දේවල් වලින්. දානෙ ඉවිල්ල භාර ගත්තෙ සැළසුම් ශිල්පී පාඨමාලාවෙ කෙල්ලො ටික. නායකත්ව උපදෙස් කුරුප්පු මිස් සමග කාර්යාලෙ වැඩකළ රංජනී ජයවතී සහ සුජාතා අතින්.
දානෙ වැඩ ඉවරවෙලා අපි කථා කරමින් හිටියේ වැඩේ කෙරුණු හැටි ගැන සමාලෝචනයක් හැටියටයි. ඒ වෙලාවෙ ජයතිලක සර් කීවෙ ගංගාගෙ ක්‍රමය ගැන අගැයීමේ කථාවක්. " අද ගංගා ජීවත් වෙලා මේ දානෙ දෙන්නෙ වෙන කෙනෙක් වෙනුවෙන් නං මෙතන මේ හැම දේකම සංවිධායක වෙන්නේ ගංගා. ඒ්ක බයක් නැතිවම කියන්න පුළුවන්. ඒ වගේම අපිට ඒකෙ බලන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ. ඇවිත් දානෙ කන්න විතරයි තියෙන්නෙ"
කාර්මික අධ්‍යාපනයෙන් බිහිවෙන මනුස්සයා යන්ත්‍රසූත්‍රවිතරක් නෙවෙයි මානුසික සම්බන්ධතාත් හරියට හඳුුුුුු නා ගෙන වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙ කියන එක මගේ හිතට තදින්ම වැදුනෙ ඒ වෙලාවෙයි.
කාර්මික අධ්‍යාපනයේ මගේ ඊලඟ නවාතැන වුනේ ආධුණිකත්ව අභ්‍යාස ආයතනය. එදා ඒක ATI. අද Industrial Engineering Training Institute හෙවත් IETI. එහෙම රාජ්‍ය සේවයේ සිට අර්ධ රාජ්‍ය සේවයට ගිය හේතුවත් හරි අමුතුයි. නුවර එළිය කාර්මික විද්‍යාලය මාරුවීම් කාලය අවුරදු දෙකයි. රත්මලාන කොළඹ හොමාගම වගේ තැන්වල අවුරුදු තුනයි. නුවර එළියෙ කෙනෙක් රත්මලානට හරි කොළඹට හරි එන්න අවුරුදු හයක් බලා ඉන්න ඕනෙ. කොහොමද වැඩේ හැදිල තියෙන හැටි. එකාලෙ වෙනකොට මගේ අම්මාත් තාත්තාත් දෙදෙනාම රෝගී තත්වයේ සිටි අවුරුදු හැටකට වැඩි දෙන්නෙක්. ඒ නිසාමයි අධ්‍යක්ෂක තුමාම මුණගැහිලා මගේ ඉල්ලීම කළේ. විදුහල්පති ජයවීර මහත්තතයා ලබාදුන් විදුලි උපදේශක වරයෙකුගේ පත්කිරීමකට ඉල්ලීමක් සමග මා සේවයෙන් මුදාහැරීමට එකඟතා ලියවිල්ලක් ද සමගයි. මට කළුතර කාර්මික විද්‍යාලයට ලබාදීමට පොරොන්දු වුණු පොරොන්දුව කඩ කළ එතුමාගෙන් ඒක සාධාරණීකරණය කරන්නට කියැවුණේ දරුවෙක් ලැබෙන්න හිටිය උපදේශක වරියක් වෙනුවෙන් රත්නපුරේ හිටපු උපදේශක වරයාට කළුතරට මාරුවක් දීමට වූ බවයි. අවුරුදු 10ක සේවය වෙනුවෙන් හිමි වීමට තිබුණු විශ්‍රාම හිමිකම අවුරුදු 9කුත් මාස 10 කදී හමාර කර රාජ්‍යසේවයෙන් ඉවත් වුණේ එයට ඇති වී තිබුණු අප්‍රසාදය නිසාමයි. කොතරම් එපා වුණාද කීවොත් ආපහු කාර්මික අධ්‍යාපනය ගැන බලන්නෙවත් නැතැයි කියල හිතාගෙනත් ගිහිං වැටුණෙ තවත් කාර්මික අභ්‍යාස ආයතනයකට. නැතිනං වෙන නමකින් තිබුණු කාර්මික විද්‍යාලයකට. හැබැයි ඒකෙදි නං ඉලෙක්ට්‍රොනික් විද්‍යාව උගන්වන්න ලැබුණා හිතේ හැටියටම.
ඒකෙ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පාඨමාලා පහක්ම තිබුණා. විදුලි ඉදිකිරීම් වඩුවැඩ ලෝහ වැඩ සහ ඉලෙක්ට්‍රොනික් කියන ක්ෂේත්‍ර. දැන් එහි පාඨමාලා ගණනක්ම තියෙනවා. පසුගිය අවුරුද්ද වෙනතුරු ඒවා ඉගැන්නුවේ නොමිලේ. ඉගෙනගන්නා අයට ගෙවන්නට වුණේ සුලු රක්ෂණ මුදලක් විතරයි. ඒත් දැන් රුපියල් ලක්ෂ දෙකහමාරක විතර මුදලක් ගෙවා ඉගෙනගන්න වෙලා. නව ක්‍රමයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එහෙමයි.
ඉලෙක්ට්‍රොණික් ඉගැන්වීම් වලදීත් හුඟක් දේවල් වුණා. ඒ්වා මගේ පෙෳද්ගලික සංවර්ධනය සඳහා තදින්ම ඉවහල් වුණු කරුණු. වෙනෙකක් තබා ඉලෙක්ට්‍රෙණික් පාඨමාලාව නව ආරක ඉදිරිපත් කිරීමක් මගින් කොටස් තුනකට වෙන්කර ඒ එක එක කොටසේදී ක්ෂේත්‍රයේ අදාල පුහුණුව හොඳිිිින්ම ග්‍රහණය කරගත හැකි වන ආකාරයට සකස් කෙරුණා. මුල් හයමාසය වෙන්වුණේ ධාරාව (Current), විභව අන්තරය(Potential Difference), ප්‍රතිරෝධය (Resistance) ධාරිතාව (Capacitance) වගේ මූලික සංකල්පත් ප්‍රතිරෝධක(Resistors) ධාරිත්‍රක (Capacitors), ප්‍රේරක (Inductors) , අර්ධ සන්නායක උපාංග (Semi-Conductor Components) විතරක් නෙවෙයි අත් හුරු කරවන්නට පුහුණු කළේ විදුලි ස්ථාපන වැඩ (Electrical Installation). ඒක සමහර දුප්පත් දරුවනට අතිරේක ආදායමක් ලබාගන්නත් උපකාර වෙලා තිබුණා. වෙන ඒකක් තබා මං අමාරුුුුවෙ බැංකු ණයක් අරගෙන හදාගත්ත ගෙයි ඒ වැඩේ කළේ මගේ ගෝලයෝ. ඒත් එයාලා ඒකට අයකිරීමක් ගෙවීමට එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වූ නිසා මං කළේ ටෙස්ටරයක් විදුලි ශිල්පියාට සුදුසු බහුකාර්ය අඬුුුුවක් මිටියක් වගේ ආයුධ ටිකක් හැම කෙනාටම තෑගි හැටියට දෙන එකයි.
දෙවෙනි හය මාසය වෙන් වුණේ මංම හඳුුුුන්වා දුන් ඉලෙක්ට්‍රොණික් මූලික තැනුම් ඒකක හත සහ ඒවායේ ගුණ වෙනස් කෙරෙන ආකාරය ආදිය හැදෑරීමටයි. ඊලඟ පස් මාසය වෙන්වුණේ ඒ තැනුම් ඒකක භාවිත කරමින් අපේ එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීමේ ක්‍රමවේද හඳුුුුුුුුන්වාදීම වෙනුවෙනුයි.
ඔහොමයි එදා වැඩ කෙරුණෙ. ඒ කාලෙ අපේ රටින් පිටරටවලට ගිය කාර්මික පිරිස ඒ රටවලදී ඉහළ පිළිගැනීමක් ලැබුණු නිසා අපට ඉහළ පිළිගැනීමක් ලැබුණා. අද ඒක නැතිවුණේ ඇයි කියන එක හිතා බැලිය යුතු කරුණක්.මෙහෙම වුණේ ඇයි කියල ඉදිරි ලිපියකින් කියන්නම්.